සති තුනකට පෙර 14 හැවිරිදි සිසුවෙකු විසින් සිදුකළ මාරාන්තික වෙඩි තැබීමේ සිදුවීමෙන් පසු වසා දමා තිබූ තායිලන්තයේ ‘ඩෙබ්සිරින් නොන්තබුරි’ (Debsirin Nonthaburi) පාසල තදබල ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ නැවත විවෘත කර තිබේ.
පසුගිය අගෝස්තු 07 වනදා සිය නිවසේදී සීයා සහ ආච්චි වෙඩි තබා ඝාතනය කර පැමිණි මෙම සිසුවා, පාසල තුළදී තවත් සිසුවෙකු සහ කාර්ය මණ්ඩලයේ පස්දෙනෙකු ඇතුළුව හත්දෙනෙකු ඝාතනය කර පසුව තමාටම වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත් විය. අඟහරුවාදා නැවත පාසල විවෘත කිරීමත් සමඟ පොලිසිය, සිවිල් ආරක්ෂක බලකායන් යොදවා තිබූ අතර සිසුන්ගේ බෑග් පරීක්ෂා කිරීමට ද පියවර ගෙන තිබිණි. මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසු තායිලන්ත අගමැති අනුටින් චාන්විරාකුල් (Anutin Charnvirakul) විසින් ගිනිඅවි මිලදී ගැනීමේ බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා දැනට පවතින බලපත්‍ර නැවත සමාලෝචනය කිරීමට නියෝග කරන ලදී.
















