උතුරු, උතුරුමැද, නැගෙනහිර පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (01) පස්වරු 4.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (02) පස්වරු 4.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ශරීර සෞඛ්‍යයට විය හැකි බලපෑම අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් අදාළ පළාත්වල ජනතාවගෙන් ඉල්ලා සිටී. වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසත්, කුඩා දරුවන් වාහන තුළ තනිකර දමා යෑමෙන් වළකින ලෙසත්, අධික වෙහෙසකාරී කටයුතු සීමා කර සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
















