ලෝක CIO 200 සමුළුව – 2026 හි අවසාන මහා තරඟාවලිය (World CIO 200 Grand Finale 2026) සැප්තැම්බර් මස 22 සිට 25 දක්වා කොළඹ ‘Cinnamon Life’ හිදී පැවැත්වීමට නියමිතය. Global CIO Forum සහ Global Enterprise Connect (GEC) ආයතන ශ්‍රී ලංකා රජය සමඟ එක්ව මෙම සමුළුව සංවිධාන කරයි.
රටවල් 50කට අධික සංඛ්‍යාවකින් ප්‍රධාන තොරතුරු නිලධාරීන් (CIO) සහ තාක්ෂණික නායකයින් 200කට වැඩි පිරිසක් මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. කෘත්‍රිම බුද්ධිය (AI), ඩිජිටල් පරිවර්තනය, සයිබර් ආරක්ෂණය සහ ඩිජිටල් ස්වෛරීභාවය වැනි වර්තමාන තාක්ෂණික ක්ෂේත්‍රයේ වැදගත් මාතෘකා පිළිබඳව මෙහිදී ඉහළ මට්ටමේ ජාත්‍යන්තර සංවාද පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව නැගී එන ඩිජිටල් හා නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස ජාත්‍යන්තරව ස්ථානගත කිරීමටත්, මෙරට ආයෝජන අවස්ථා සහ ඩිජිටල් ආර්ථිකය ලෝකයට හඳුන්වා දීමටත් මෙම සමුළුව මනා පිටුවහලක් වනු ඇත.
















