විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු සඳහා ස්ථීර විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වීම හේතුවෙන් හෙට (සැප්තැම්බර් 02) දිනයේදී සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එක්ව දිවා විවේක කාලය තුළ විරෝධතාවක නිරත වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර තිබේ.
රජය බලයට පත්වීමත් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර යෝජනාවලියක් ලබා දී තිබුණද, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළද මෙතෙක් නිසි විසඳුමක් ලැබී නැති බව එම සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පෙන්වා දෙයි. 2015 වසරේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 5,800ක් පමණ සිටියද, මේ වන විට ආචාර්යවරුන් 1,000කට ආසන්න පිරිසක් සේවය හැර ගොස් ඇති බවත්, නව බඳවා ගැනීම් සඳහාද ආචාර්යවරුන් අයදුම් නොකරන තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ඔහු සඳහන් කළේය. ගැටලු සඳහා විසඳුම් ලබා නොදුනහොත් එළැඹෙන සතිය වන විට මෙම විරෝධතා ව්‍යාපාරය තවදුරටත් තීව්‍ර කිරීමට කටයුතු කරන බවද ආචාර්ය සමිති සම්මේලනය අවධාරණය කරයි.
















