පෝලන්තයේ ස්කර්ජිස්කෝ-කමියෙනා (Skarzysko-Kamienna) හි පිහිටි, යුක්‍රේන හමුදාවට ඩ්‍රෝන යානා සපයන WB Electronics සමාගමට අයත් නිෂ්පාදනාගාරයක ඇති වූ ගිනිගැනීම විදේශීය ඔත්තු සේවාවක කඩාකප්පල්කාරී ක්‍රියාවක් (Sabotage) බවට පෝලන්ත අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මාර්සින් කියර්වින්ස්කි (Marcin Kierwinski) ප්‍රකාශ කරයි.
සඳුදා (31) අලුයම සිදු වූ මෙම ගිනිගැනීමෙන් පෝලන්ත ස්ලෝටි මිලියන 15ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 4ක) පමණ දේපළ හානියක් සිදුවී ඇති අතර, විදේශීය ඔත්තු සේවාවල සම්බන්ධයක් මත මෙය සිදුකළේද යන්න පිළිබඳව පෝලන්ත අභ්‍යන්තර ආරක්ෂක ඒජන්සිය (ABW) සහ නීතිපති දෙපාර්තමේන්තුව ත්‍රස්තවාදී විමර්ශනයක් (Terrorism investigation) ආරම්භ කර ඇත. ආරක්ෂක කැමරාවල මුහුණ ආවරණය කරගත් පුද්ගලයෙකු වැටෙන් පැන පැමිණෙන ආකාරය සටහන් වී තිබීම නිසා මෙය ගිනි තැබීමක් බවට තහවුරු වී ඇති අතර, මෑත කාලයේ යුරෝපය පුරා ආරක්ෂක නිෂ්පාදනාගාර ඉලක්ක කරගනිමින් රුසියාව විසින් මෙහෙයවන මෙවැනි කඩාකප්පල්කාරී සිදුවීම් ඉහළ ගොස් ඇති බවට පෝලන්ත බලධාරීන් චෝදනා කරයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















