ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ, රට අර්බුදයට සහ ව්‍යසනයකට ලක් කළ පාර්ශ්වයන්ම අද වන විට තමන්ට චෝදනා නඟන බවයි.
බලය ලබාගැනීම සඳහා කිසිවිටෙකත් තම ප්‍රතිපත්ති හෝ මතවාදී ස්ථාවරයන් වෙනස් කරමින් ඇඳුම් මාරු කරන ආකාරයට කටයුතු කර නැති බවත්, තමන් සැමවිටම ජනතාව වෙනුවෙන් ස්ථාවරව පෙනී සිටින බවත් ඔහු අවධාරණය කර තිබේ.













