නේපාලයේ නුවාකොට් දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් ත්‍රිශුලි ගඟේ හටගත් ප්‍රබල ගංවතුර තත්ත්වයක් හමුවේ, අවට පිහිටි නවීන ගොඩනැගිලි සහ දේපළ රැසක් ජලයට ගසාගෙන ගියද, ප්‍රකාශ් නමැත්තෙකුට අයත් වසර 40ක් පැරණි හරිත පැහැති නිවසක් පමණක් ආරක්ෂිතව ඉතිරි වීම සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.
ගංවතුර ක්‍රමයෙන් ඉහළ ගොස් පහළ මහල යටවීමත් සමඟ ප්‍රකාශ් ඇතුළු පවුලේ සාමාජිකයන් ඉහළ මහල වෙත ගොස් පැය ගණනක් බියෙන් ගත කර ඇති අතර, පසුව ගලවා ගැනීමේ කණ්ඩායම් පැමිණ ඔවුන් ආරක්ෂිතව ඉවත් කර ඇත. අවට නවීන ගොඩනැගිලි විනාශ වී යද්දී මෙම පැරණි නිවස පමණක් බේරීමට හේතුව එහි ශක්තිමත් ඉදිකිරීම්, හැඩය සහ පිහිටා තිබූ ස්වභාවික ස්ථානය බව ගෘහ නිර්මාණ ශිල්පීන් සහ විශේෂඥයන් පෙන්වා දෙති. මෙම අපූරු සිදුවීම දැක්වෙන වීඩියෝව මේ වන විට අන්තර්ජාලය තුළ වේගයෙන් සංසරණය වෙමින් පවතී.














