කබානා ව්‍යාපෘතියක් සඳහා රුපියල් දෙකෝටි හැටලක්ෂයක මුදලක් වංචා කර, විශ්වාසය කඩ කරමින් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ල වූ කෑගල්ල මහනගර සභාවේ ජාතික ජන බලවේගයේ (ජවිපෙ/මාලිමාව) නාගරික මන්ත්‍රීවරයා අද (සැප්තැම්බර් 01) අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ මාධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් අත්අඩංගුවට ගත් අදාළ මන්ත්‍රීවරයා මහනුවර මහේස්ත්‍රාත් නාලක වීරසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළැඹෙන සැප්තැම්බර් 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.














