වසරේ මුල් මාස 7 තුළ මෙරට ඉන්ධන ආනයන සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 3,622ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
පසුගිය 2025 වසරේ අදාළ කාලයට සාපේක්ෂව මෙය 59.9%ක වැඩිවීමකි. ජූනි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 465ක් වැය කර තිබූ අතර, ජූලි මාසයේදී එම අගය ඩොලර් මිලියන 453ක් දක්වා පහත වැටීමක් පෙන්නුම් කර ඇත. කෙසේ වෙතත්, 2025 වසරේ ජූලි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජූලි මාසයේ ඉන්ධන ආනයන වියදම 68%කින් ඉහළ ගොස් ඇති අතර, බොරතෙල් ආනයනය ඉහළ යාම ඊට ප්රධාන වශයෙන් හේතු වී තිබේ.














