සිස්කෝ හි ගෝලීය නවෝත්පාදන මධ්‍යස්ථානය වන Sysco LABS ආයතනය, Satynmag විසින් සංවිධානය කරන ලද 2026 කාන්තා-හිතකාමී සේවා ස්ථාන සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම කැපී පෙනෙන කාන්තා-හිතකාමී සේවා ස්ථානවලින් එකක් ලෙස නම් කරනු ලැබ තිබේ. තාක්ෂණ කර්මාන්තය තුළ කාන්තාවන්ට සමාන අවස්ථා ලබා දෙමින් සහ ඔවුන්ගේ දිගුකාලීන වෘත්තීය ප්‍රගතිය අර්ථවත් ලෙස වර්ධනය කරමින් ආයතනය අත්කර ගෙන ඇති මෙම සුවිශේෂී සන්ධිස්ථානය, මෙරට ආයතනික සංස්කෘතිය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය තහවුරු කිරීමේ අභිමානවත් හැරවුම් ලක්ෂයක් ලෙස සටහන් වේ.
මීට පෙර 2023 වසරේදී ගෞරවනීය සඳහනකින් පිදුම් ලැබීමෙන් සහ 2025 වසරේදී “STEM ව්‍යාපෘතියේ හොඳම කාන්තාවන්” සඳහා වන විශේෂ සම්මානය දිනාගැනීමෙන් අනතුරුව, මෙවර මෙවැනි ඉහළම ජාතික මට්ටමේ පිළිගැනීමකට ලක්වීම, ආයතනය අඛණ්ඩව පවත්වාගෙන ගිය විධිමත් මානව සම්පත් ප්රතිපත්තිවල සැබෑ ප්රතිඵලයකි. කාන්තාවන්ගේ නියෝජනයෙන් ඔබ්බට ගොස් ඔවුන්ට ආයතන තුළ නායකත්වයට පිවිසීමට සහ තීරණ ගැනීමේ බලය හිමි කර ගැනීමට අවශ්‍ය පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම මෙහිදී මූලික වී ඇති අතර, එය මෙරට සෙසු ආයතනවලටද ආදර්ශවත් ප්‍රවේශයක් බවට පත්ව ඇත.
මෙම ඇගයීමත් සමඟ ඉදිරියේදී මෙරට තාක්ෂණික සහ ආයතනික ක්ෂේත්රය තුළ කාන්තා සක්‍රීය දායකත්වය තවදුරටත් පුළුල් වනු ඇති අතර, එය සමස්ත ආර්ථික සංවර්ධනයට මෙන්ම සමාජීය සවිබල ගැන්වීම් සඳහාද ප්‍රබල රුකුලක් වනු ඇත. තම භාවිතයන් තවදුරටත් ශක්තිමත් කරමින් සහ නවෝත්පාදන සංස්කෘතිය පුළුල් කරමින් ඉදිරියට පියමං කිරීමට Sysco LABS ආයතනය ගෙන යන මෙම ප්‍රවේශය, ශ්‍රී ලංකාවේ අනාගත සේවා ස්ථාන සංවර්ධන ප්රමිතීන් ඉහළ නැංවීමට මෙන්ම ගෝලීය මට්ටමින් තරගකාරී වෘත්තීය පරිසරයක් නිර්මාණය කිරීමට ඉමහත් පිටුවහලක් වනු නිසැීය.














