යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 5 තුළ දඩයක්කරුවෙකු තම සගයන් සමඟ මහ දවල් කිසිදු බියකින් සැකයකින් තොරව කටයුතු කර පිටව යන තෙක් බලා සිටීමට සිදුවූ බවට චෝදනා එල්ල වී තිබේ.
අදාළ සිදුවීමට අදාළ සාක්ෂි සමඟ එදිනම සවස කලාප අංක 05 හි ඉහළ නිලධාරීන් වෙත දැනුම්දීම් සිදු කළද, මේ වන තෙක් එම සිදුවීමට අදාළව කිසිදු නිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවටද වාර්තා වේ.














