රූපවාහිනී සංවාදයකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ අනිද්දායින් පසුව බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ගල් අඟුරු නොමැති බවයි.
එමෙන්ම, මෙරට විදුලි ධාරිතාව පවත්වාගෙන යාම සඳහා ඩීසල් මඟින් අදාළ විදුලි ප්‍රමාණය නිපදවීමට සිදු වුවහොත් ඒ සඳහා දිනකට රුපියල් බිලියනයක පමණ අධික පිරිවැයක් දැරීමට සිදුවන බව ද හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මීට අමතරව, මේ වන විට බාල ගල් අඟුරු රැගත් නැව් 20ක් මෙරටට පැමිණ ඇති බවට ද ඔහු වැඩිදුරටත් චෝදනා කර සිටී.














