ගිරාදුරුකෝට්ටේ, බැරියර් හන්දිය ප්රදේශයේ පෞද්ගලික ආයතනයක් විසින් පවත්වාගෙන යනු ලබන පලතුරු වගා භූමියකට පැමිණි අවුරුදු 35-40ක් පමණ වයසැති, අඩි 8ක් හා අඟල් 10ක් පමණ උසැති දැවැන්ත වන අලියෙකුගේ පපුවට වෙඩි තබා මරා දමා තිබේ.
මියගිය මෙම පිරිමි වන අලියාගේ මරණය සම්බන්ධයෙන්, අදාළ වගා භූමියේ ආරක්ෂකයකු ලෙස සේවය කරන රත්කිඳ ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අලියාට වෙඩි තැබීමට භාවිත කළ බවට සැක කෙරෙන තුවක්කුවක්ද වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන ඇත.














