බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් එක්ව තණමල්විල හම්බෙගමුව පොලිස් බල ප්‍රදේශයට අයත් පලුගහකන්ද රක්ෂිතයේ සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් සොයාගෙන තිබේ.
අදාළ ගංජා හේනේ තිබී විවිධ උස ප්‍රමාණයන්ගෙන් සරුවට වගාකර තිබූ ගංජා ගස් රැසක් මෙහිදී සොයාගෙන ඇති අතර, එම සියලුම ගංජා ගස් ගිනිතබා විනාශ කර ඇත. වැටලීම සිදුකරන අතරතුර සැකකරුවන් පලාගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.














