ප්රවීණ සංගීත අධ්යක්ෂකවරයෙක්, ගායකයෙක් සහ ගීත රචකයෙක් ලෙස ශ්රී ලාංකීය කලා ක්ෂේත්රයට විශාල මෙහෙයක් ඉටු කළ සංගීතඥ විමලජිත් දොඹගහවත්ත අභාවප්රාප්ත වී තිබේ. අභාවප්රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 69කි.
“සීතල කැටි ගැසී”, “රොටිය කරවෙලා නෝනේ”, “රෑ සඳ පාන ගෙතුලට ගේන” වැනි ජනප්රිය නිර්මාණ ඔස්සේ ඔහු ප්රේක්ෂක හදවත් තුළට දැඩි ලෙස සමීප වී ඇත.














