ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා A කණ්ඩායමට නිරෝෂන් දික්වැල්ල සහ චාමික කරුණාරත්න ඇතුළු කණ්ඩායමක් නම් කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරයි. කෙසේ වෙතත්, වත්මන් දේශීය විස්සයි විස්ස තරගවල කැපී පෙනුණු විශේන් හැලභගේ, ට්‍රවින් මැතිව්ස් සහ ගරුක සංකේත් වැනි යොවුන් ක්‍රීඩකයින්ට මෙම සංචිතයේ ස්ථානය අහිමි වී තිබේ.
ඉකුත් වසරේ විස්සයි විස්ස දේශීය තරගාවලියේ වීරයා මෙන්ම මෙවර පන්දු 15කින් ලකුණු 50ක් රැස් කරමින් වේගවත් අර්ධ ශතකයක් වාර්තා කළ විශේන් හැලභගේ මෙලෙස මඟහැරී යාම විශේෂත්වයකි. පසුගිය ඉන්දීය ටෙස්ට් තරගාවලියේ අසාර්ථක වූ නිරෝෂන් දික්වැල්ලට යළි අවස්ථාව ලබා දීම මෙන්ම, පන්දුවාර 50 සහ ටෙස්ට් තරග සඳහා ක්‍රීඩා කළ ක්‍රීඩකයින් විස්සයි විස්ස සංචිතයට නම් කිරීම බොහෝ දෙනෙකුගේ විමතියට කාරණයක් වී ඇත.














