තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි ගුවන් ටිකට්පත් හා වීසා නිකුත් කරන ආයතනයකට ඊයේ (01) පස්වරුවේ කඩා වැදුණු පුද්ගලයින් සිව්දෙනෙකු විසින් රුපියල් කෝටි 6කට අධික මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා ඇති අතර, එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන සුදු පැහැති කුඩා මෝටර් රථයකින් පැමිණ ඇති මෙම සැකකරුවන්, ආයතනයේ හිමිකරු සහ සේවකයින්ට තියුණු ආයුධ පෙන්වා බිය ගන්වා මෙම කොල්ලය සිදු කර ඇත. එහිදී එක් සේවකයෙකුට පහර දී ඇති අතර, ආයතනයේ තිබූ රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් මෙන්ම ආයතන හිමිකරු පැළඳ සිටි රන් මාල 4ක් සහ රන් මුදු 3ක්ද කොල්ලකරුවන් විසින් රැගෙන ගොස් තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පලාගිය මෝටර් රථය සහ කොල්ලය සිදුවූ ආකාරය දැක්වෙන සී.සී.ටී.වී. දර්ශන පදනම් කරගනිමින් තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.














