ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංස්කෘතික මංගල්‍යයක් වන ඇසළ පෙරහැර විදේශිකයන් අතර ප්‍රචලිත කර මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් සිංගප්පුරුවේ දී පවත්වා තිබේ. සිංගප්පුරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය එක්ව මෙය සංවිධාන කර ඇත.
විදෙස් සංචාරකයන් අතර අතිශයින් ජනප්‍රිය මහනුවර ඇසළ පෙරහැර විශාල තිර යොදා පෙන්වමින්, සිංගප්පුරු ජනතාවට සහ එරටට පැමිණ සිටින විදේශ සංචාරකයන්ට එය නැරඹීමට අවස්ථාව ලබා දීමේ මෙම වැඩසටහන සිංගප්පුරුවේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ දී පවත්වා ඇත. ජපානය, මොංගොලියාව, මියන්මාරය ආදී බෞද්ධයන් වැඩි වශයෙන් වෙසෙන රටවල තානාපතිවරුන් ද ආරාධිතයන් ලෙස මෙම අවස්ථාවට සහභාගී වී ඇති අතර, ශ්‍රී ලංකාවට ආවේණික ආහාර ද්‍රව්‍යවලින් සංග්‍රහයක්ද මෙහිදී පවත්වා තිබේ. සිංගප්පුරුවේ ශ්‍රී ලංකා තානාපති සෙනරත් දිසානායක මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව ඇත.














