එළඹෙන යුදෙව් උත්සව සහ නිවාඩු සමය තුළ ඉරානයේ ක්‍රියාකාරකම් පිළිබඳව ඊශ්‍රායල රජය සහ ආරක්ෂක අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඉස්රායෙල් කැට්ස් ප්‍රකාශ කරයි.
අදාළ කාලසීමාව තුළ ඉරානය හෝ එහි අනුගාමික කණ්ඩායම් විසින් ඊශ්‍රායලයට එරෙහිව කිසියම් හෝ හමුදා ප්‍රහාරයක් එල්ල කළහොත්, ඊට සෘජුව සහ දැඩි ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සියලුම හමුදා බලකායන් සූදානම් කර ඇති බව අල් ජසීරා පුවත් සේවය පදනම් කරගනිමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.














