විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේදී එරට ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය අරුෂා කොරයා සහ ඩුබායි සහ උතුරු එමීර් රාජ්‍යයේ කොන්ਸල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලය විසින් උණුසුම් අයුරින් පිළිගෙන තිබේ
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා කොන්ਸල් ජනරාල් කාර්යාලය මඟින් ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමය, සංචාරක විභවය සහ වෙළඳ මෙන්ම ආයෝජන අවස්ථා ප්‍රදර්ශනය කිරීම සඳහා සංවිධානය කරනු ලබන ප්‍රධාන පෙළේ ප්‍රවර්ධන උළෙලක් වන “Sri Lanka Beyond Your Dreams” හි දෙවන අදියර වර්ණවත් කිරීම සඳහා අමාත්‍යවරයා මෙලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වේ.














