අභියාචනා සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසරකින් දීර්ඝ කිරීම සඳහා යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සමාජයේ පැවති වැරදි වැටහීම් ක්‍රමයෙන් දුරුවෙමින්, එහි සැබෑ අරමුණ කුමක්ද යන්න පිළිබඳ සාධාරණ සංවාදයක් මේ වන විට මතුවෙමින් පවතින බව මාධ්‍යවේදී චාමර හත්තොටුව මහතා පෙන්වා දෙයි
මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම සංශෝධනය පිළිබඳව කළ අර්ථකථන හරහා සමාජය තුළ යම් නොමඟ යැවීමක් සිදු වූ බව පෙන්වා දෙනු ලැබේ. සාමාන්‍යයෙන් ස්වාධීන වෘත්තීය සංගමයක් ලෙස සැලකුණු නීතිඥ සංගමය මෙම ක්‍රියාවලියේදී ඇතැම් විපක්ෂ දේශපාලන අරමුණු සමඟ සමපාත වන අයුරින් කටයුතු කළ බවට ද අදහස් පළ වී ඇත.
විශේෂයෙන්ම, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම හරහා අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් වී ආණ්ඩුවට පක්ෂපාති නඩු තීන්දු ලබා ගැනීමට උත්සාහ කරන බවට සමාජගත කර තිබූ මතය හුදෙක් දේශපාලන අර්ථකථනයක් පමණක් බවත්, මේ වන විට එම සංශෝධනයේ සැබෑ ස්වභාවය සහ එහි කාලීන අවශ්‍යතාව කුමක්ද යන්න සමාජය විසින් තේරුම් ගනිමින් සිටින බවත් මෙහිදී අනාවරණය වේ.














