පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ ජනතාව නිරන්තරයෙන් මතු කළ ප්රධාන තර්කය වූයේ ධනය සහ බලය තිබෙන නම් කිසිදු කෙනෙක් නීතිය ඉදිරියේ දඬුවම් නොලබන බවත්, එම නිසා රටේ නීතියේ ස්වාධීනත්වයක් නොමැති බවත් බව ගීතිකා ධර්මසිංහ මහත්මිය පෙන්වා දෙයි
එහෙත් වර්තමාන ආණ්ඩුව යටතේ බලය සහ ධනය කුමන තත්ත්වයක තිබුණත් නීතිය ක්රියාත්මක කිරීමට අධිකරණයට හැකියාව ලැබී ඇති බව මනාව පැහැදිලි වන බව ඇය සඳහන් කරයි. එදා බලයේ සිටිමින් රටේ ප්රතිපත්ති හැදූ සහ විවිධ අපරාධවලට සම්බන්ධ වූ බහුතරයක් පිරිස් අද වන විට නීතිය ඉදිරියට පැමිණීමෙන් සහ හිරගත වීමෙන් එය සනාථ වන බව හෙතෙම පෙන්වා දෙයි. මෙම ක්රියාවලියට එරෙහිව විපක්ෂය නැඟීමට උත්සාහ කරන විරෝධතා සඳහා ජනතාවගෙන් කිසිදු සහයෝගයක් නොලැබීමෙන් පැහැදිලි වන්නේ ජනතා අභිලාෂයන් වර්තමාන ආණ්ඩුව සහ අධිකරණය හරහා නිවැරදිව ක්රියාත්මක වෙමින් පවතින බවයි.














