අස්වැසුම සුබසාධන ප්රතිලාභ වැඩසටහන යටතේ වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන 2026 අගෝස්තු මාසයට අදාළ වැඩිහිටි දීමනාව ලෙස රුපියල් බිලියන 3.483ක මුදලක් ජනගත කිරීමට සුබසාධන ප්රතිලාභ මණ්ඩලය (WBB) පියවර ගෙන තිබේ.
මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 618,352 දෙනෙකු සඳහා රුපියල් බිලියන 3.091ක් ද, දෙවන අදියර යටතේ ප්‍රතිලාභීන් 78,260 දෙනෙකු සඳහා රුපියල් මිලියන 391.3ක් ද වෙන් කර ඇත. ඒ අනුව සමස්ත ප්‍රතිලාභීන් 696,612 දෙනෙකු වෙනුවෙන් මෙම මුදල් වෙන් කර තිබේ. අදාළ මුදල් 2026 සැප්තැම්බර් 03 වනදා (හෙට) සිට ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කෙරෙන අතර, එදින සිටම එම මුදල් ලබාගැනීමේ හැකියාව පවතින බව ද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.














