අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු ද වන ප්‍රියංකර පෙරේරා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (02) පස්වරුවේ පැමිණියේය.
කලක් රෝගාතුරව සිටි ප්‍රියංකර පෙරේරා මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 64 වන වියෙහි පසුවූ අතර, එතුමාගේ හදිසි වියෝව වෙනුවෙන් පවුලේ ඥාතීන්ට සහ කලා ක්ෂේත්‍රයේ හිතවතුන්ට ජනාධිපතිවරයා සිය ශෝකය පළ කර සිටියේය.














