ආධුනික පොලිස් කොස්තාපල් ධුරයක් සඳහා අයැදුම් කර සිටි 24 හැවිරිදි තරුණියකගේ නිවසට ගොස්, ඇගේ රහස් ප්‍රදේශයේ ඇති කැළැල් පිළිබඳ වාර්තාවක් ලබාගත යුතු බව පවසා ලිංගික අතවර කළ බව කියන රාජ්‍ය බුද්ධි අංශයේ පොලිස් සැරයන්වරයෙකු වැලිමඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත්ව ඇත්තේ බණ්ඩාරවෙල බුද්ධි කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිලධාරියෙකි. සැප්තැම්බර් 09 වනදා පැවැත්වීමට නියමිත වෛද්‍ය පරීක්ෂණයට පෙර අදාළ වාර්තාව ලබා නොදුන්නොත් රැකියාව අහිමි වන බව පවසමින් සිවිල් ඇඳුමින් පැමිණි අදාළ නිලධාරියා අතවර කර ඇති අතර, තරුණිය ඒ පිළිබඳව සිය මව දැනුවත් කිරීමෙන් පසු වැලිමඩ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ඇරඹිණි. උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.













