ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු. Source: Francois Nel-ICC / ICC via Getty Images
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඉන්දුනීසියානු කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී ලකුණු 5කට කඩුලු 7ක් දවා ගනිමින් අතිවිශිෂ්ට පන්දු යැවීමක නිරත වීමට සමත්ව සිටින්නීය.
මෙය ජාත්‍යන්තර කාන්තා විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වූ 5 වැනි හොඳම පන්දු යැවීම වන අතර, ඇගේ ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීමේ වාර්තාව ද වේ. මෙම ඉනිම අතරතුර හැට්රික් (Hat-trick) කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත් වූ ඇය, ජාත්‍යන්තර කාන්තා විස්සයි20 තරගයකදී හැට්රික් එකක් ලබාගත් ප්‍රථම ශ්‍රී ලාංකික පන්දු යවන්නිය ලෙස ද ඉතිහාසයට එක්වන්නීය.














