නිකරගුවාවේ පවතින රජය සමඟ දැනට පවත්වාගෙන යනු ලබන සාමාන්‍ය රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික ගනුදෙනු (“Business as usual”) වහාම අත්හිටුවන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය සිය ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටින බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio) මහතා නිවේදනය කරයි.
නිකරගුවා රජය විසින් සිදුකරනු ලබන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිව වොෂින්ටනය නිරන්තරයෙන් පෙනී සිටින බව පෙන්වා දෙන රූබියෝ මහතා, මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ නිකරගුවා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් පසුවයි. අදාළ සංශෝධනය මගින් එරට විපක්ෂ දේශපාලන පක්ෂ සඳහා මැතිවරණවලට තරග කිරීම තහනම් කර ඇති අතර ජනාධිපති ධුර කාලය වසර 6 සිට වසර 7 දක්වා දීර්ඝ කර තිබේ. මෙම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ඇමෙරිකාව ඇතුළු කලාපයේ අනෙකුත් රටවල දැඩි දෝෂදර්ශනයට ලක්වී ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















