මෙක්සිකෝවේ ප්‍රකට ‘Camilo Séptimo’ ඉන්ඩි රොක් සංගීත කණ්ඩායමේ යතුරුපුවරු වාදක 38 හැවිරිදි ජොනතන් මෙලෙන්ඩෙස්, ඔහුගේ 35 හැවිරිදි ගැබිනි බිරිඳ, 3 හැවිරිදි දියණිය, සේවිකාව සහ සුරතල් බලුපැටවා නිවසක් තුළදී ඝාතනය කර තිබියදී සොයාගෙන තිබේ. මෙක්සිකෝ ප්‍රාන්ත ඇටෝර්නි ජෙනරාල් කාර්යාලය මෙම ශෝකජනක පුවත තහවුරු කර ඇති අතර, ඝාතනයට ලක්වන විට ඔහුගේ බිරිඳ මාස හතරක ගැබිනියක වන බව සඳහන් වේ.
මියගිය අයගේ හිසට සහ සිරුරට වෙඩි තබා ඇති අතර, ඇතැමුන්ගේ දෑත් සහ සුරතල් බලුපැටවාගේ පාද බැඳ මරා දමා තිබී ඇත. කෙසේ වෙතත්, සිද්ධිය වූ ස්ථානයේ සිටි 6 හැවිරිදි පිරිමි ළමයෙකු කිසිදු හානියකින් තොරව ජීවත්ව සිටියදී සොයාගෙන තිබේ. ආරක්ෂක අංශ විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් පසු සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, මියගිය සංගීතඥයාගේ හිතවතෙකු වන ඩියාගෝ සෙබස්තියන් නැමැත්තා ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන තිබේ.















