ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) නව උපකුලපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්‍රමසිංහ මහතා නිල වශයෙන් ධුරයේ වැඩ භාරගෙන තිබේ.
මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ, හමුදා උත්තමාචාර, පෙළපාලි සහ සංකේතාත්මක පැළයක් රෝපණය කිරීම සහිත චාරිත්‍රානුකූල උත්සවයකින් අනතුරුව ඒ මහතා 2026 සැප්තැම්බර් 01 වැනිදා සිය ප්‍රථම නිල ලේඛනයට අත්සන් තබමින් ධුරයේ කටයුතු ආරම්භ කළේය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රධාන ඉංජිනේරු තනතුරු රැසක් හොබවා ඇති ඒ මහතා, ගුවන්යානා ඉංජිනේරු ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ නිලධාරියෙකි. අධ්‍යාපනික විශිෂ්ටත්වය සහ පර්යේෂණ ක්ෂේත්රය ප්‍රවර්ධනය කිරීම මගින් KDU හි ප්‍රමිතිය ඉහළ නැංවීම සිය ප්‍රධාන අරමුණ බව සඳහන් කළ නව උපකුලපතිවරයා, මෙම පත්වීම ලබාදීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය කෘතඥතාව පළ කළේය.














