සියම් මහ නිකායේ කෝට්ටේ පාර්ෂවයේ මහාචාර්ය මහනායක අගමහා පණ්ඩිත ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාරාභිදාන මහනායක නාහිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා බැලීම සඳහා රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, හම්බන්තොට දිස්ත්‍රික් සඝ සමුළුවේ හා කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති, හෙළ බොදු බල එකමතුවේ ගරු සභාපති, කතරගම පුරාණ කිරි විහාරය හා ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ වැඩම කර තිබේ.
මෙම හමුවීදී අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන් විසින් රචිත “බුදුබව පතන බළන්ගොඩ ආනන්ද මෛතෙය මහනාහිමි” නැමති ග්‍රන්ථය සහ “පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය බුද්ධ ප්‍රාර්ථනාව” නැමති ග්‍රන්ථ දෙක අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීමද සිදු විය.














