තායිවානයට නැගෙනහිරින් පිහිටි සංවේදී මුහුදු සීමාවේදී චීනයේ ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය මගින් විශේෂ සාගර සහ භූ විද්‍යාත්මක සමීක්ෂණයක් පවත්වා ඇති බව චීන රාජ්‍ය නාලිකාව (CCTV) වාර්තා කර තිබේ.
අගෝස්තු 10 සිට 31 දක්වා පවත්වා ඇති මෙම සමීක්ෂණය මගින් තමන්ට අයත් මුහුදු කලාපයේ පතුලේ භූ විද්‍යාත්මක සහ ව්‍යුහාත්මක ලක්ෂණ හඳුනාගනිමින් ප්‍රදේශයේ සම්පත් කළමනාකරණය සඳහා “එක් සිතියමක්” (One Map) සකස් කිරීමට අපේක්ෂා කරන බව චීනය පවසයි. මීට අමතරව, චීන වෙරළාරක්ෂක බලකාය ද තායිවානයට නැගෙනහිර මුහුදු තීරයේ නීති බලාත්මක කිරීමේ මුර සංචාරයන්හි නිරත වී ඇත. කෙසේ වෙතත්, තායිවාන වෙරළාරක්ෂක බලකාය චීන පර්යේෂණ නෞකා තම සීමාවෙන් පලවා හැරීමට කටයුතු කර ඇති අතර, තායිවානයට අයත් මුහුදු සීමාවන් තුළ බලය පැපීමට චීනයට කිසිදු නීතිමය අයිතියක් නොමැති බවත්, මෙය දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකළ ප්‍රකෝපකාරී ක්‍රියාවක් බවත් පවසමින් චීනයේ ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළාදැක තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














