පැවැති දැඩි එල් නිනෝ (El Nino) කාලගුණික විපර්යාසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ උතුර, නැගෙනහිර සහ දකුණ ඇතුළු වියළි කලාපීය ප්‍රදේශ ගණනාවකට දශක කිහිපයකින් එල්ල වූ දරුණුතම නියඟයට මුහුණ දීමට සිදුව තිබේ.
අම්පාර, මොණරාගල ඇතුළු ප්‍රධාන කෘෂිකාර්මික දිස්ත්‍රික්කවල වර්ෂාපතනය සාමාන්‍ය මට්ටමට වඩා 85% සිට 100% දක්වා ප්‍රමාණයකින් පහත වැටී ඇති අතර, සුළු වාරි ජලාශ සිය ගණනක ජල මට්ටම 10% දක්වා හිඳී ගොස් ඇත. මේ හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනතාවකට පිරිසිදු පානීය ජලය ලබාගැනීමට බවුසර් රථ මත පදනම් වීමට සිදුව ඇති අතර, ඇතැම් දුරස්ථ ප්‍රදේශවලට ජලය ලැබෙන්නේ දින 20කටත් වැඩි කාලයකට වරකි. වගාවන් සහ සත්ව පාලන කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වීම නිසා ගොවීන්ගේ මාසික ආදායම් අහිමි වී ඇති අතර, දෛනික කුලී වැඩ කිරීමට සහ වේලක් හැර වේලක් ආහාර ගැනීමට සිදුවන තරමට ග්‍රාමීය වැසියන් දැඩි මූල්‍ය හා ජීවන අර්බුදයකට මැදිව සිටිති.
















