ගලහා, නිල්ලඹ – කුරුකැලේ ප්රදේශයෙන් සියඹලා ඇටයක් උගුරේ සිරවීමෙන් කුඩා ගැහැණු දරුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්රදේශයේ පදිංචිව සිටි, පවුලේ බාලම දරුවා වන සනුදී ලක්ෂානි නමැති අවුරුදු 07ක දැරියකි.
ඊයේ (02) පස්වරුවේ සොහොයුරියන් සමඟ නිවසේ සෙල්ලම් කරමින් සිටියදී දෙමාපියන්ට නොදැනෙන සේ කුස්සියේ තිබූ සියඹලා ස්වල්පයක් අනුභව කිරීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇත. සියඹලා ඇටයක් උගුරේ සිරවීමෙන් දැරිය දැඩි ලෙස අසනීප වීමත් සමඟ මව ඇතුළු ඥාතීන් විසින් ලොරිරථයකින් පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තද, රෝහල වෙත ගෙන යන අතරතුරදී දැරිය ජීවිතක්ෂයට පත්ව ඇත. මෘත ශරීරය පේරාදෙණිය රෝහලේ තැන්පත් කර ඇති අතර, ගලහා පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















