රුපියල් මිලියන 144ක පිරිවැයක් දරමින් ඉදිකරන ලද නිකවැරටිය නව දිසා අධිකරණ ගොඩනැගිල්ල අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ නිල වශයෙන් විවෘත විය.
මෙතෙක් ඒකාබද්ධව පවත්වාගෙන ගිය නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ සහ දිසා අධිකරණයේ කටයුතු මෙම නව ගොඩනැගිල්ල විවෘත කිරීමත් සමඟ වෙන් වෙන්ව පවත්වාගෙන යාමට පහසුකම් සැලසේ. නව ගොඩනැගිල්ල තුළ අධිකරණ කටයුතු සඳහා අවශ්‍ය මූලික පහසුකම්, කාර්යාල අවකාශ, විනිසුරුවරුන්ට සහ කාර්ය මණ්ඩලයට සුදුසු සේවා පරිසරයක් මෙන්ම මහජනතාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි පහසුකම් රැසක් ස්ථාපිත කර ඇත. මෙම විවෘත කිරීමේ උත්සවයේ පිළිගැනීමේ කතාව නිකවැරටිය දිසා මහෙස්ත්‍රාත් ජී.කේ.එස්.කේ. සමරතුංග මහත්මිය විසින් සිදු කළ අතර, ස්තූති කතාව නිකවැරටිය අධිකරණ නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ ආර්. බී. හේරත් මහතා විසින් පවත්වන ලදී.
















