රුසියාව සහ යුක්රේනය අතර පැවැත්වෙන යුද්ධය අවසන් කිරීම සඳහා වූ සාම ගිවිසුමකට තවමත් අවස්ථාවක් පවතින නමුත්, යුක්රේනය විසින් සිවිල් නාවික නෞකාවලට ප්රහාර එල්ල කිරීම සහ රුසියානු ගුවන් සීමාවන් මගහරින ලෙස ගුවන් සමාගම්වලට කළ අනතුරු ඇඟවීම් හමුවේ දෙපාර්ශ්වයේ සාකච්ඡා නැවත ඇරඹීම සංකීර්ණ වී ඇති බව රුසියානු ජනාධිපති Vladimir Putin (විලැඩිමීර් පුටින්) ප්රකාශ කරයි.
රුසියාවේ නැගෙනහිර ආර්ථික සමුළුව (Eastern Economic Forum) අමතමින් ජනාධිපති පුටින් සඳහන් කළේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය ඇතුළු රටවල් කිහිපයක් සාම විසඳුමක් සඳහා සහාය දැක්වීමට සූදානමින් සිටින බවයි. කෙසේ වෙතත්, යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy (වොලොඩිමීර් සෙලෙන්ස්කි) විසින් රුසියානු ගුවන් සීමාව භාවිත කිරීම අනතුරුදායක බවට කළ ප්රකාශ සහ වෙළෙඳ නෞකාවලට එල්ල වන ප්රහාර “රාජ්ය ත්රස්තවාදී ක්රියා” (Acts of State Terrorism) ලෙස හැඳින්වූ පුටින්, එමගින් ද්විපාර්ශ්වික සාම සාකච්ඡා ඉදිරියට ගෙන යාම අසීරු කර ඇති බව පැවසීය. මීට අමතරව, ඇමෙරිකානු ජනාධිපති Donald Trump (ඩොනල්ඩ් ට්රම්ප්)ගේ පාලන අධිකාරිය සමඟ රුසියාව තවදුරටත් සාමකාමී සබඳතා පවත්වාගෙන යන බවත්, CIA අධ්යක්ෂ John Ratcliffe ඇතුළු නියෝජිතයන් හරහා දෙරටේ බුද්ධි අංශ අතර සාකච්ඡා සිදුවන බවත් රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















