ප්‍රවීණ ගායකයෙකු සහ රංගන ශිල්පියෙකු ලෙස ශ්‍රී ලංකා කලා ක්ෂේත්‍රයට අමතක නොවන මෙහෙයක් ඉටු කළ ප්‍රියංකර පෙරේරා මහතාගේ වියෝව වෙනුවෙන් ඔහුගේ හිතමිතුරන් සහ කලාකරුවන් විසින් සංවේදී සමුගැනීමේ සටහන් තබා තිබේ.
“ප්‍රියංකර, සුබ ගමන්!! දිල්හානි ඔයාට ගොඩාක් ආදරෙයි.. ආදරේ වෙනුවෙන් මොන තරම් කැප කිරීම් කරන්න පුළුවන්ද කියලා එයා ප්‍රායෝගිකව ඔප්පු කළා..! අපිව අමතක කරන්න ඔයාට බෑ කියලා ඔයා දන්නවා නේ.. විශේෂයෙන්ම දිල්හානි.. ඉතින් වෙනස.. කතාවක් දාන්න සෙට් වෙන්න නැති එක විතරයි. ආදරෙයි මචං!” ලෙස එම සමුගැනීමේ සටහන දැක්වේ. ඔහුගේ ආදරණීය බිරිඳ, ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි අශෝකමාලා ඇතුළු පවුලේ සැමට සහ හිතමිතුරන්ට අපගේ බලවත් සාංකාව ප්‍රකාශ කරන අතර, ප්‍රියංකර පෙරේරා මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු!
















