අයි.සී.සී. (ICC) විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 29ක් ඉදිරියට පැමිණෙමින් 25 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නැගී එන ටෙස්ට් පිතිකරු සොනාල් දිනූෂ සමත්ව තිබේ.
ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී ඔහු විසින් දක්වන ලද විශිෂ්ට පිතිකරණ දස්කම් මෙම ශ්‍රේණිගත කිරීම් ඉහළ යාමට හේතු වී ඇති බව වාර්තා වේ. මීට පෙර අවසන් වරට සිදුකළ ශ්‍රේණිගත කිරීම්වලදීද ස්ථාන 49ක් ඉදිරියට පැමිණෙමින් 103 වැනි ස්ථානයේ සිට 54 වැනි ස්ථානය දක්වා පැමිණීමට ඔහු සමත්ව තිබිණි.
















