බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ (BCB) සභාපති තමීම් ඉක්බාල් (Tamim Iqbal) විසින් එරට දේශීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සියලුම තරග රටාවන් සඳහා වන තරග ගාස්තු (Match Fees) සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.
නව ගාස්තු සංශෝධනයට අනුව ප්‍රමුඛ පෙළ (First-class) තරගයක් සඳහා වන ගාස්තුව බංග්ලාදේශ ටාකා 70,000 සිට ටාකා 150,000 (ඇමෙරිකානු ඩොලර් 1,220ක් පමණ) දක්වා වැඩි කර ඇත. මීට අමතරව එක්දින (List A) තරග ගාස්තුව ටාකා 50,000 සිට 100,000 (ඩොලර් 814ක් පමණ) දක්වාත්, විස්සයි20 (T20) තරග ගාස්තුව ටාකා 40,000 සිට 80,000 (ඩොලර් 651ක් පමණ) දක්වාත් දෙගුණයකින් ඉහළ දමා තිබේ. කාන්තා දේශීය ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ දින හතරේ, එක්දින සහ T20 තරග ගාස්තු ද මෙම නව සංශෝධනය යටතේ දෙගුණයකින් වැඩි කර ඇති අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දීර්ඝකාලීන මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් මෙම පියවර ගත් බව තමීම් ඉක්බාල් වැඩිදුරටත් සඳහන් කළේය.
















