ඇමෙරිකාවේ ඉදිරි පරම්පරාව තවදුරටත් සාම්ප්‍රදායික නීතිය, මූල්‍ය හෝ බැංකු ක්ෂේත්‍රය පසුපසම නොගොස්, රට ගොඩනගන වෘත්තීය තාක්ෂණික සහ නිෂ්පාදන ක්ෂේත්‍රයන් වෙත යොමු විය යුතු බව ඇමෙරිකානු උපජනාධිපති ජේ.ඩී. වැන්ස් (JD Vance) ප්‍රකාශ කරයි.
තමන් වැනි යේල් විශ්වවිද්‍යාලයෙන් (Yale Law School) නීති උපාධිය ලැබූ පුද්ගලයන් පවා අතීතයේ මුදල් සෙවීමේ මග ලෙස නීතිය හා මූල්‍ය ක්ෂේත්‍රය පමණක් දුටු බවත්, නමුත් රටක් ලෙස යළිත් යමක් නිෂ්පාදනය කිරීමේ (Making Things) සහ ගොඩනැගීමේ අභිමානය තරුණ පරපුරට ලබාදිය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය. නිෂ්පාදන, විදුලි කාර්මික සහ වෘත්තීය තාක්ෂණික ශ්‍රමිකයන් ලෙස රටේ ආර්ථිකයට සෘජු දායකත්වයක් දීම තුළ දැවැන්ත මූල්‍ය ස්ථාවරත්වයක් සහ ගෞරවයක් පවතින බව පවසන වැන්ස්ගේ මෙම ප්‍රකාශය, ප්‍රභූ අධ්‍යාපනයක් ලැබූ නායකයෙකුගෙන් මතුවීම පිළිබඳව දේශපාලන විචාරකයන් අතර දැඩි කතාබහක් නිර්මාණය කර ඇත.
















