ජාත්‍යන්තර ඩිජිටල් ගෙවීම් සේවා සපයන PayPal සමාගම ක්‍රියාත්මක කරන බහු-වාර්ෂික ගෝලීය ප්‍රතිසංස්කරණ සහ පිරිවැය සීමා කිරීමේ සැලැස්මේ පියවරක් ලෙස, ඉන්දියාවේ පිහිටි සේවකයන් 220 දෙනෙකු පමණ සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
නව ප්‍රධාන විධායක නිලධාරී එන්රික් ලෝරෙස් (Enrique Lores) යටතේ ඉදිරි වසර දෙක තුන ඇතුළත ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පිරිවැයක් ඉතිරි කරගැනීමේ ඉලක්කය සහිතව මෙම සැලැස්ම ක්‍රියාත්මක වේ. ඇපල් (Apple) සහ ගූගල් (Google) වැනි තාක්ෂණික දැවැන්තයන්ගෙන් එල්ල වන දැඩි තරගකාරීත්වය හමුවේ සමාගමේ මෙහෙයුම් වියදම් අඩු කිරීම, කෘතිම බුද්ධිය (AI) හා ස්වයංක්‍රීයකරණය (Automation) වැඩිදියුණු කිරීම සහ සංවිධානාත්මක ව්‍යුහය සරල කිරීම මෙම පියවරෙහි ප්‍රධාන අරමුණ වී ඇත. මෙම තීරණයත් සමඟ ඉන්දියාවේ චෙන්නායි, බෙන්ගලූරු සහ හයිද්‍රාබාද් හි පිහිටි PayPal තාක්ෂණික හා ඉංජිනේරු මධ්‍යස්ථානවල සේවකයන්ට බලපෑම් එල්ල වී තිබේ.
















