ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ඒකාබද්ධ නිර්මාණාත්මක ආයතනයක් වන Boutique Agency Network (BAN) මෙවර Dragons of Sri Lanka සම්මාන උළෙලේදීත් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කර තිබෙනවා.
Ceylon Biscuits Limited සමාගමට අයත් ප්‍රමුඛතම සන්නාමයක් වන Munchee වෙනුවෙන් නිර්මාණය කළ “Piya Kirula” පියවරුන්ගේ දිනය වෙනුවෙන් කළ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා BAN ආයතනයට Integrated Marketing Campaign කාණ්ඩයේ රන් සම්මානය හිමිව තිබෙනවා.
මෙම ජයග්‍රහණයත් සමඟ BAN ආයතනය පිට පිට දෙවැනි වසරටත් Dragons of Sri Lanka සම්මාන උළෙලේ Integrated Marketing Campaign කාණ්ඩයෙන් රන් සම්මානය දිනාගැනීම විශේෂත්වයක්. එමගින් ඒකාබද්ධ සන්නාම චින්තනය, ශ්‍රී ලාංකීය සංස්කෘතිය සමඟ සම්බන්ධ වූ නිර්මාණශීලීත්වය සහ ප්‍රචාරණ ව්‍යාපාරවල සාර්ථකත්වය සම්බන්ධයෙන් BAN හි හැකියාව තවදුරටත් තහවුරු වී තිබෙනවා.
“Piya Kirula” ව්‍යාපාරය හරහා පියවරුන් වෙනුවෙන් ආදරය සහ කෘතඥතාව පළ කිරීම නව ආකාරයකින් ජනතාව අතරට ගෙන යාමට කටයුතු කර තිබුණා. සාමාන්‍යයෙන් පවුල තුළ ගෞරවයට පාත්‍ර වුවද, තමන්ට හිමි ප්‍රශංසාව විවෘතව නොලැබෙන පියවරුන් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කිරීම මෙහි ප්‍රධාන සංකල්පය වී තිබෙනවා.
Munchee සන්නාමයේ ලාංඡනයේ ඇති ඔටුන්න මෙහි නිර්මාණාත්මක අදහස සඳහා භාවිත කර තිබූ අතර, එය පවුලේ “නොපෙනෙන රජවරුන්” ලෙස සැලකෙන පියවරුන්ට ගෞරව දැක්වීමේ සංකේතයක් බවට පත් කර තිබුණා.
ජාතික පුවත්පත්වල ඔටුන්නක් මුද්‍රණය කර ජනතාවට එය කපා තම පියවරුන්ට පැළඳවීමට අවස්ථාව ලබාදීම මෙන්ම තරුණ පරපුර ඉලක්ක කර TikTok ඔටුන්නක් සහිත ෆිල්ටරයක්ද හඳුන්වා දීම මෙම ව්‍යාපාරයේ විශේෂත්වයක්. ඒ සමඟ ඩිජිටල් කතාන්දරයක් ඇතුළත් වීඩියෝවක්ද ප්‍රචාරය කර තිබුණා.
මෙම සංකල්පය ඉතා ඉක්මනින් ජනප්‍රියත්වයට පත්වෙමින් ප්‍රසිද්ධ පුද්ගලයන්, බලපෑම්කරුවන්, අන්තර්ගත නිර්මාණකරුවන්, පාසල්, පවුල් සහ විවිධ ප්‍රජා කණ්ඩායම් රැසක්ද ඊට එක්ව තිබෙනවා. මාධ්‍ය ආයතන සහ බාහිර ප්‍රචාරණ හවුල්කරුවන්ගේ සහායද ලැබීම හේතුවෙන් “Piya Kirula” 2025 වසරේ ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන පියවරුන්ගේ දිනයේ ප්‍රචාරණ ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා.
මේ අතර මෙවර Dragons of Sri Lanka සම්මාන උළෙලේදී Watawala වෙනුවෙන් Best Innovative Concept කාණ්ඩයේ රිදී සම්මානයක්ද BAN විසින් දිනාගෙන තිබෙනවා.
රන් සම්මානයක් සහ රිදී සම්මානයක් සමඟ පිට පිට දෙවැනි වරටත් Integrated Marketing කාණ්ඩයේ රන් සම්මානය දිනාගැනීම හරහා BAN ආයතනය පෙන්වා දී ඇත්තේ සාර්ථක ප්‍රචාරණ ව්‍යාපාරයක් යනු හුදෙක් මාධ්‍ය තුළ පෙනී සිටීම පමණක් නොව, ජනතාව සහභාගී කරගන්නා, ඔවුන් අතර බෙදාහදා ගැනෙන සහ දිගුකාලීනව මතකයේ රැඳෙන නිර්මාණාත්මක අදහසක් බවයි.
















