ශ්රී ලංකාවේ CCTV සහ ආරක්ෂක විසඳුම් ක්ෂේත්රයේ ක්රියාත්මක වන Zoomtech Solutions (Pvt) Ltd. විසින් නව Meari CCTV කැමරා මාදිලි තුනක් නිල වශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දී තිබෙනවා.
S1+, S2+ සහ G1 ලෙස නම් කර ඇති මෙම නව CCTV කැමරා මාදිලි හඳුන්වාදීමේ උත්සවය පසුගියදා කොළඹ Ramada Hotel හිදී පැවැත්වී තිබෙනවා.
Zoomtech Solutions සමාගම Hangzhou Meari Technology Co., Ltd. හි ශ්රී ලංකාව සඳහා බලයලත් ජාතික බෙදාහැරීමේ නියෝජිතයා ලෙස කටයුතු කරන අතර, එම සමාගමේ දකුණු ආසියානු කලාපයේ විකුණුම් ප්රධානී Nafees Hossain මෙම අවස්ථාවට ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වී තිබෙනවා.
මෙම නව නිෂ්පාදන හඳුන්වාදීමත් සමඟ ශ්රී ලංකාවේ CCTV සහ ආරක්ෂක තාක්ෂණික විසඳුම් වෙළෙඳපොළ තුළ සිය සේවා සහ නිෂ්පාදන පරාසය තවදුරටත් පුළුල් කිරීමට Zoomtech Solutions සමාගම අපේක්ෂා කරනවා.
සමාගමේ ආරම්භක සහ කළමනාකාර අධ්යක්ෂ S. D. M. Musthaq Mulaffer මහතාගේ නායකත්වය යටතේ Zoomtech Solutions සමාගම සිය ව්යාපාරික මෙහෙයුම් පුළුල් කරමින් සිටින අතර, මේ වනවිට කොළඹ 11 ප්රදේශයේ Maliban Street සහ 1st Cross Street යන ස්ථානවල ප්රදර්ශනාගාර මෙන්ම Mount Lavinia, Galle Road හි ශාඛාවක්ද පවත්වාගෙන යන බව සඳහන්.
නව Meari CCTV කැමරා මාදිලි හඳුන්වාදීමේ අවස්ථාවට Zoomtech Solutions හි ප්රධාන විධායක නිලධාරී S. D. M. Musthaq Mulaffer මහතා ඇතුළු සමාගමේ නියෝජිතයන්, අලෙවි නියෝජිතයන්, සේවකයන් සහ ආරක්ෂක තාක්ෂණ ක්ෂේත්රයේ නියෝජිතයන් රැසක් සහභාගී වී තිබෙනවා.
















