යුක්රේනය වෙත පසුගිය කාල සීමාව තුළ ඇමෙරිකාව විසින් ලබාදෙන ලද සියලුම හමුදාමය සහ පතොරොම් ආධාර (Military Aid & Munitions) සඳහා වන මුදල් නැවත එක්සත් ජනපදයට ගෙවන ලෙස යුරෝපීය රටවලින් (NATO මිත්‍රපාක්ෂිකයන්ගෙන්) ඉල්ලා සිටින බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) ප්‍රකාශ කරයි.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ යුක්රේනයට සහ නේටෝ (NATO) සංවිධානයට නොමිලේ ලබාදුන් ඩොලර් බිලියන සිය ගණනක ආධාර සඳහා යුරෝපය මුදල් ගෙවිය යුතුව තිබූ බවත්, පසුගිය කාලයේ ඒ පිළිබඳව ඉල්ලීමක් නොකළද ඉදිරියේදී එම මුදල් අයකරගැනීමට කටයුතු කරන බවත්ය. මීට අමතරව, ඉරානය සමඟ පවතින උග්‍ර යුධමය තත්ත්වය හමුවේ ඇමෙරිකානු අවි ආයුධ සහ මිසයිල තොග (Munition Stockpiles) සීඝ්රයෙන් අඩු වී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවත්, දැනට නිෂ්පාදනය වන ආයුධ වෙනත් මිත්‍ර රටවලට අලෙවි කිරීම තාවකාලිකව නවතා ඇමෙරිකානු හමුදාවේ ආරක්ෂාව උදෙසාම තබාගන්නා බවත් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේය.
















