ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ web development සහ digital engineering සමාගමක් වන TekGeeks (Pvt) Ltd සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ව්‍යාපෘති කණ්ඩායම එක්ව BestWeb.LK 2026 සම්මාන උළෙලේදී සුවිශේෂී ජයග්‍රහණයක් හිමිකරගෙන තිබෙනවා.
LK Domain Registry විසින් වාර්ෂිකව සංවිධානය කරන BestWeb.LK තරගාවලියේදී parliament.lk වෙබ් අඩවිය වෙනුවෙන් මෙම කණ්ඩායමට **Best Government Website** කාණ්ඩයේ Gold සම්මානය හිමිව ඇති අතර, සමස්ත කාණ්ඩයේදී Silver සම්මානයද හිමිවී තිබෙනවා. එමඟින් රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන ඇතුළත් කාණ්ඩ 24ක් අතරින් ජාතික මට්ටමින් දෙවැනි ස්ථානයද ලබාගැනීමට හැකිවී තිබෙනවා.
Parliament.lk වෙබ් අඩවිය නිර්මාණය කිරීමේදී TekGeeks සතු තාක්ෂණික සහ නිර්මාණ හැකියාවන් සමඟ පාර්ලිමේන්තු කණ්ඩායමේ ක්ෂේත්‍ර දැනුම එක් කර තිබෙනවා. මෙහි ප්‍රධාන අරමුණක් වී ඇත්තේ ජනතාව සහ රටේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරමින් ‘Open Parliament’ සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමයි.
නව වෙබ් අඩවිය හරහා පාර්ලිමේන්තුවේ සිදුවන කටයුතු සජීවීව අනුගමනය කිරීමට ජනතාවට හැකියාව ලබාදෙන අතර, පාර්ලිමේන්තු සාකච්ඡා සහ ව්‍යවස්ථාදායක කටයුතු පිළිබඳ ජනතාවගේ අදහස් ඉදිරිපත් කිරීමටද විශේෂ පහසුකම් සලසා තිබෙනවා.
TekGeeks සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් ගමගේ සඳහන් කර ඇත්තේ, මෙම ව්‍යාපෘතියේ අරමුණ වූයේ අනෙකුත් රාජ්‍ය ආයතනවලටද ආදර්ශයක් විය හැකි ලෝක මට්ටමේ digital platform එකක් නිර්මාණය කිරීම බවයි. රාජ්‍ය අංශයේ ව්‍යාපෘතිවල පවතින දැඩි නීතිමය, ආරක්ෂක සහ තාක්ෂණික අවශ්‍යතා මධ්‍යයේ වුවද ලෝක මට්ටමේ digital experience එකක් නිර්මාණය කිරීමට හැකිවූ බවද ඔහු පෙන්වා දී තිබෙනවා.
විශේෂයෙන්ම රාජ්‍ය වෙබ් අඩවි සංවර්ධනය කිරීමේදී දැඩි compliance, security සහ පරිපාලන ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු වීම හේතුවෙන් Overall Silver සම්මානය දිනාගැනීම විශේෂ ජයග්‍රහණයක් ලෙස සැලකෙනවා.
මෙම සම්මාන ජයග්‍රහණය හරහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන සඳහා නවීන, වේගවත්, ආරක්ෂිත සහ ජනතාව කේන්ද්‍ර කරගත් digital platforms නිර්මාණය කළ හැකි බවද TekGeeks සහ පාර්ලිමේන්තු ව්‍යාපෘති කණ්ඩායම පෙන්වා දී තිබෙනවා.















