කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ පස්භාගේ සංවර්ධන කමිටු සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය ප්‍රාදේශීය ලේකම් ශ්‍රවණාගාරයේදී පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම පවත්වන ලදී. මෙහිදී අයහපත් කාලගුණය හේතුවෙන් මිරිස් වගාබිම් සහ ආරක්ෂිත ගෘහවලට සිදුවූ හානි සඳහා ගොවීන්ට වන්දි හෝ සහන ලබාදීමේ නිසි ක්‍රමවේදයක් නොමැති වීම පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, එම ගැටලුවට ඉක්මන් විසඳුමක් ලබා දෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම, නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ පැවති ක්‍රිකට් තරගාවලියකට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට පොලිසියෙන් අවසර ලබා නොදීම දේශපාලන පළිගැනීමක් බවට සමාජ මාධ්‍යයේ පළවන පුවත් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. විභාග මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන පාසලක් ආසන්නයේ පිහිටීම ඇතුළු කරුණු මත නීත්‍යානුකූලව එම අවසරය නොදුන් බව වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා පෙන්වා දුන් අතර, පොලිසිය දේශපාලන බලපෑම් මත කටයුතු කර නොමැති බව තහවුරු කරමින් එම තීන්දුව මාධ්‍ය වෙත දැනුම් දෙන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. මීට අමතරව, නාවලපිටිය නගරයේ අනවසර ඉදිකිරීම් සහ වෙළඳසැල් සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
















