විමර්ශන කටයුත්තක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (04) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන තිබේ
අල්ලස් කොමිසම විසින් කරන ලද ලිඛිත දැනුම්දීමකට අනුව ඒ මහතා නියමිත වේලාවට කොමිසම වෙත පැමිණි අතර, එහිදී සිදුකෙරුණු විමර්ශන සහ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. මේ වන විට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
















