මහරගම අපේක්ෂා රෝහල වෙත ඇතුළු වන සෑම රෝගියෙක්ම සිය ජීවිතයේ අපේක්ෂාවන් මුදුන්පත් කරගැනීමේ අරමුණින් පැමිණියද, වර්තමානයේ පවතින දැඩි බෙහෙත් හිඟය සහ බාල ඖෂධ හේතුවෙන් එම රෝගීන්ගේ අපේක්ෂා සම්පූර්ණයෙන්ම භංගත්වයට පත්ව ඇති බව ජ්‍යෝතිෂවේදී සහ සමාජ ක්‍රියාකාරී අචල දිවාකර මහතා ප්‍රකාශ කරයි.
අපේක්ෂා රෝහල වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අචල දිවාකර මහතා මෙසේද සඳහන් කළේය:
“අද අපි ආවේ මේ අපේක්ෂා රෝහලට. මෙතනින් ඇතුළු වෙන හැම රෝගියෙක්ම අපේක්ෂාව මුදුන්පත් කරගන්න තමයි ඇතුළට ඇතුළු වෙන්නේ. හැබැයි මෙහි තියෙන්නා වූ බෙහෙත් හිඟයත්, බාල බෙහෙත් නිසා ඒගොල්ලන්ගේ අපේක්ෂා භංගත්වයට පත් වෙනවා. ජනාධිපතිතුමා, ජනාධිපති වෙන්න කලින් තිස්සමහාරාමයේදී කියනවා අවසාන රැස්වීම – ඒගොල්ලන්ගේ බලකොටුව. ඒ රැස්වීමේදී කියනවා, රෝගියෙක් රෝගයට පත්වෙලා එයා වේදනාවෙන් ඉඳලා, එයා ගන්න යන බෙහෙත් පැත්තට බදු ගහනවා නම් ඒක ආණ්ඩුවක්ද, ඒක රාජ්‍යයක්ද, ඒක මනුස්සකම පිරි රාජ්‍යයක්ද කියලා අහනවා. අහන්නේ කවුද? අනුර කුමාර ජනාධිපතිතුමා එදා තිස්සමහාරාමයේ රැස්වීමේදී.”
















