මීගමුව බන්ධනාගාරයේ ගත කළ සමයේ තමා දුටු බිහිසුණු සහ දූෂිත තත්ත්වයන් පිළිබඳව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතා මාධ්‍ය වෙත විශේෂ හෙළිදරව්වක් සිදු කර තිබේ. බන්ධනාගාරය තුළ රැඳවියන්ට අමානුෂික ලෙස වධහිංසා පමුණුවන බවත්, දැඩි ආරක්ෂාවක් සහිත බන්ධනාගාර සහ උසාවි කූඩු ඇතුළට පවා ගිනිඅවි සහ මත්ද්‍රව්‍ය කිසිදු බාධාවකින් තොරව ඇතුළු වන බවත් හෙතෙම පෙන්වා දී ඇත.
සල්ලිවලට යට වූ නිලධාරීන්ගේ සහයෝගයෙන් මෙම මහා පරිමාණ නීති විරෝධී ජාලය ක්‍රියාත්මක වන බවත්, තොරතුරු ලබාදෙන පුද්ගලයන් අපරාධකරුවන් ලෙස හංවඩු ගසමින් සැබෑ අපරාධකරුවන් ආරක්ෂා කිරීමේ පුළුල් ජාලයක් ක්‍රියාත්මක වන බවත් නාමල් කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.














