රට තුළ පවතින බාල ඖෂධ ආනයනය සහ බෙහෙත් හිඟය හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත්, මීට පෙර කැබිනට් අමාත්‍යවරයෙකු හිරේට යැවීමට කටයුතු කළද අද වන විට බාල බෙහෙත් සහ ඉන්දියානු ෆාමකෝපියා ක්‍රමවේදයන් මෙරටට ගෙන එමින් තිබෙන බවත් ජ්‍යෝතිෂවේදී සහ සමාජ ක්‍රියාකාරී අචල දිවාකර මහතා ප්‍රකාශ කරයි.
මහරගම අපේක්ෂා රෝහල වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අචල දිවාකර මහතා මෙසේද සඳහන් කළේය:
“ඒ නිසා අපි ඇවිල්ලා, එදා බාල බෙහෙත් ගෙනාවේ කවුද? කෙහෙළිය රඹුක්වැල්ල. මේ ඉන්න අපේ ඩොක්ටර්, විශේෂඥ වෛද්‍යවරයෙක්. අපි එකතුවෙලා මොකද කළේ? ඒ බාල බෙහෙත් ගෙනැල්ලා එයාව දැම්මා හිරේට. එතකොට ඒ ආණ්ඩුව මොකද කළේ, කැබිනට් ඇමතිවරයෙක්ව හිරේ දැම්මා. අද මේ ආණ්ඩුව යටතේ බාල බෙහෙත් එනවා. අද ඉන්දියාව සමඟ ගිවිසුම් ගහලා, ඉන්දියාවේම ඉන්දියානු ෆාමකෝපියා ගේනවා. බ්‍රිටිෂ් ෆාමකෝපියා ගේන්න බැහැ, මොකක්ද හේතුව? ඒක තමයි හොඳ බෙහෙත. මේ හැමෝම ගන්නේ මේ බාල බෙහෙත්. අපි හැමෝම ලෙඩ්ඩු. අපේ ගෙවල්වල ලෙඩ්ඩු ඉන්නවා. එතකොට බාල බෙහෙත් ගත්තාම, බෙහෙත් හිඟය ගත්තාම මේ අර්බුදය යන්නේ ජීවන රටාවට. අද උද්ධමනය, අප්‍රේල් මාසේ තිබ්බේ 5%යි. අද 8% වෙලා තියෙනවා. 21%ක් ළමයි ඉන්නවා මන්දපෝෂණයෙන් පෙළෙනවා. ඒ වගේම ලක්ෂ පිළිගෙන 80ක ජනතාව එක වේලක් අතහැරලා කන බව මානව හිමිකම් සංවිධානය කියනවා. එහෙනම් රට තියෙන්නේ අන්න එතන. එතකොට කන්න නැති රටකට බෙහෙත් නැත්නම් බෙහෙත් ගන්නේ කොහොමද?”













