ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස ආයතනයේ 26 වන ශාඛාව පසුගියදා අනුරාධපුර, නව නගරය, මෛත්‍රීපාල සේනානායක මාවතේදී (අංක 514/A/2A) උත්සවශ්‍රීයෙන් විවෘත කර තිබේ.
උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් රංජන් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව ශාඛාව විවෘත කරන ලද අතර, එම අවස්ථාව සඳහා සහකාර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න යසරත්න, අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසාද් විතානගේ යන මහත්වරුන් ඇතුළු ආරාධිතයින් රැසක් සහ LCB ෆිනෑන්ස් ප්‍රධාන විධායක නිලධාරී/විධායක අධ්යක්ෂ කේ.ජී. ලීලානන්ද සහ සභාපති දුෂ්මන්ත තොටවත්ත යන මහත්වරුන් ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයද එක්ව සිටියහ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික අංශය, සංචාරක ව්‍යාපාරය, වන්දනාකරුවන් සඳහා වන ආගන්තුක සත්කාර සේවා මෙන්ම තොග සහ සිල්ලර වෙළෙඳපොළ ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය විසඳුම් ලබා දීම මෙම නව ශාඛාව හරහා අපේක්ෂා කරන බව ප්‍රධාන විධායක නිලධාරී කේ.ජී. ලීලානන්ද මහතා මෙහිදී සඳහන් කළේය.














